ශ්‍රී ලංකා

තවම සාධාරණයක් ඉටු වී නැති බව කළුතර මිය ගිය දැරියගේ මව කියයි !

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයෙන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දැරිය මිය යන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ රැඳී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේ.

සිදුවීමට අදාළව රිමාන්ඩ් භාරයේ සිටින සෙසු සැකකරුවන් වන මියගිය දැරියගේ මිතුරිය, ඇයගේ පෙම්වතා, ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය අද පෙරවරුවේ යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණයට ඒ අවස්ථාවේදී අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වුනේ මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

මියගිය දැරියගේ මව පවුලේ ඥාතීන්, ප් රදේශවාසීන් ඇතුළු සීයකට ආසන්න පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියා.

මිය ගිය ටිහාරා නිර්මාණිගේ මව මෙසේ අදහස් දක්වා සිටියා.

“ඒ දරුවා වෙනුවෙන් මේ වෙනකනුත් සර්ව සාධාරණයක් ඉෂ්ට වෙලා නැතෙයි කියලා මම හිතනවා. මෙච්චර දවසක් වෙලත් තාම ස්ථිරවම දෙයක් මේක මේ විදියට වෙලා කියලා කොතනකවත් සඳහන් වෙලා නැහැනේ. මගේ දරුවා දැන් නැවත එන්නේ නැහැ. නමුත් ජීවත් වෙලා ඉන්න සියලු දරුවන් වෙනුවෙන් තමයි මේ දේට සර්ව සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.”

පූජ්‍ය හීනටියංගල සීවලී හිමි මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ දැරිය සම්බන්ධයෙන් යම් යම් අයගේ විරෝධතා තිබුණත්, විවේචන තිබුණත්, මේ දියණියන් අපේ රටේ අවුරුදු දහසකට අඩුවකින් ළමයෙක්. ඒ නිසා විශේෂයෙන් මේ අපරාධය කරපු අපරාධකරුවන් සම්බන්ධයෙන් නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරන්න වෙලාවට කලාවට. අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාදය නිසා තමයි දවසින් දවස අපරාධ වැඩි වෙන්නේ.”

සිද්ධියේ නීති කෘත්ය කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හල්පන්දෙනිය මහත්මිය ඉදිරියේ මේ වන විට සලකා බැලෙමින් තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago