බටහිර තාරකා විද්‍යාඥයන් විසින් මෙතෙක් විශ්වයේ සිදුව ඇති දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කර ඇති බව නිවේදනය කර තිබේ.
“ඒ ටී 2021එල් ඩබ්ලිව් එක්ස් ” යනුවෙන් නම් කර ඇති මෙම දැවැන්ත පිපිරීමෙන් නිකුත්ව ඇති ආලෝකය “සුපර්නෝවා ” යනුවෙන් හැඳින්වෙන පිපිරෙන තාරකාවක් පිපිරීමෙන් විහිදෙන ආලෝකයට වඩා දස ගුණයක් දීප්තිමත් බවත් එම ආලෝකය වසර තුනක කාලයක් දර්ශනය වී ඇති ඇති බවත් එංගලන්තයේ සදම්ප්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය පිලිප් වයිස්මන් පවසයි .
සාමාන්‍ය සුපර්නෝවා වර්ගයේ තාරකාවක පිපිරීමෙන් නිකුත් වන ආලෝකය දර්ශනය වනුයේ මාස කිහිපයක කාලයක් පමණක් බව පවසන එම පිපිරීම නිරීක්ෂණය කරන ලද පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය වයිස්මන් .මෙම දැවැන්ත පිපිරීම .සුර්යයාට වඩා දහස් ගුණයක් විශාල වායු වලාකුළක් හේතුවෙන් ඇති වී තිබෙන බව සඳහන් කරයි .
මෙම වායු වලාකුළේ කොටස් පිපිරීමෙන් අනතුරුව ගිලී ගොස් කළු කුහරයක් වටා දුවිලි තට්ටුවක් මෙන් අහසේ දිස්ව ඇති බවත් එය “ඩෝ නට්ස් ” නමැති රසකැවිල්ලට සමාන දර්ශනයක් බව ඔහු අවධාරණය කර තිබේ .
මෙම පිපිරීමෙන් නිකුත් වූ ආලෝකය 2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පිහිටි “ස්විකි ” නමැති නිරීක්ෂණාගාරයක් මගින් මුලින්ම නිරීක්ෂණය කර වාර්තා කර තිබිණි .
පෘථිවිය වසර බිලියන හයක් පමණ පැරණි වුවද මෙම පිපිරීම සිදුව ඇත්තේ ආලෝක වර්ෂ බිලියන අටකට පෙරය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…