හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළිත් වතාවක් අගමැතිවරයා ලෙස දියුණුව දීම සඳහා කටයුතු සූදානම් වෙමින් ඇති බව සමාජ මාධ්‍ය හරහා තොරතුරු හුවමාරු වෙමින් පවතිනවා.
බොහෝ දුරට මහින්ද රාජපක්ෂ ඉදිරි දින දෙක තුන ඇතුලත අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පවසයි.
මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය කිරීමේ උත්සාහය පරාජය කිරීම සඳහා කොළඹ විරෝධතාවයක් අඟහරුවාදා කොළඹට කැඳවා තිබෙන බවද වාර්තා වේ. ඒ සඳහා නිර්මාණය කරන ලද ප්රචාරක පත්‍රිකා සමාජ ජාලයන්හි මේ වන විටත් හුවමාරු වෙමින් ඇත.
කෙසේවෙතත් කොළඹ ප්‍රධාන මරමස්ථාන වලට පසුගියදා සිට හදිසියේ ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධව ද සමාජ මාධ්‍ය තුල මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට යැයි මතයක් පැතිරයමින් තිබේ.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හෝ හෙට දිනයේ යළි අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉවත්ව දිවුරුම් දෙනවාය යන මතයයි.
කෙසේ නමුත් වාර්තා වන ආකාරය අනුව දිනේෂ් ගුණවර්ධන අගමැති තනතුරෙන් ඉවත් වීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කොට ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ප්රමුඛ ආණ්ඩු පක්ෂය මේ සඳහා කැමති කරවාගන්නා ලෙසයි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ගැටලුවක් නොවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද පවසා තිබේ.
නමුත් කිසිවෙකු නිලවශයෙන් මේ සම්බන්ධව දැනුම් දීමක් සිදු කර නොමැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…