වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ දෙනිපිටිය මුල්ලබොක්ක මාර්ගයට හැරෙන මංසන්ධිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.
වෙඩිවැදීමෙන් 52 හැවිරිදි පැලෑන ප්‍රදේශයේ පදිංචිව සිටි කමල් චමින්ද නැමති පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ 20 හැවිරිදි පුත්‍රයා වෙඩි වැදී ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩික්කරුවන් විසින් වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේ පුතා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඔහුව ලුහුබැඳ ගොස් වෙඩිතැබීම සිදුකර තිබේ. එහිදී ඔහුගේ පපුවට හා අතට වෙඩිවැදී තුවාල ලබා ඇත.
වෙඩික්කරුවන් සොයා විශේෂ කාර්ය බළකාය, වැලිගම පොලීසිය සහ අවට පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…