විදුලි බිල 3%කින් අඩු කිරීමට යෝජනා !

විදුලිබල මණ්ඩලය ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.

ඒ අනුව 3% ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.


ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු හා අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැලසුම සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම මේ වන විට පහත වැටී තිබෙනවා.
පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු මිල ද, පහත වැටී ඇති අතර, විදුලි ඉල්ලුම ද, 18% න් පමණ අඩු වී ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පැහැදිලි කළේ.

ඒ අනුව පවතින තත්ත්වය හමුවේ 20%න් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගිය දා පෙන්වා දෙන ලදී.

Ceylon News Factory

View Comments

  • 60% කින් ලයිට් බිල වැඩිකරලා.3%කින් අඩුකරලා හිනා යන ජෝක් දාන්න එපා. මේක කරන ඇඩ් මින් 😂

  • 60% කින් ලයිට් බිල වැඩිකරලා.3%කින් අඩුකරලා හිනා යන ජෝක් දාන්න එපා. මේක කරන ඇඩ් මින්

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago