කොවිඩ් රෝගීන් 13ක් හමුවෙයි – IDH රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරි යයි !

මෙරටින් තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ(16) කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැත.

මේ අතර අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තාවේ.

එහි ඩෙංගු රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණද රෝගීන්ගේ වැඩිවීම නිසා ඔවුන් වෙනුවෙන් තවත් වාට්ටු තුනක් වෙන් කර දීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ.

මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝගීන් හැට හය දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දිනකට බාහිර රෝගී අංශය වෙත පැමිණෙන රෝගීන්ගෙන් දොළොස් දෙනකු ඩෙංගු රෝගීන් බවත් වාර්තා වේ.

මෙවැනිම තත්ත්වයක් දිවයිනේ අනෙකුත් රෝහල්වලින්ද වාර්තා වන අතර මේ වනවිට දිස්ත්‍රික්ක නවයකම ​ඩෙංගු රෝගීන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවත් වාර්තා වී තිබේ.

මෙලෙස දිනෙන් දින ඉහළ යන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සියලුම ආයතන පරිශ්‍ර පිරිසුදු කිරීමේ දිනය වශයෙන් සිකුරාදා දිනය නම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත.

මේ අනුව රජයේ ආයනත, පුද්ගලික ආයතන, පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන ආදිය පිරිසුදු කිරීමේ කටයුතු සිකුරාදා උදය වරුවේ සිදු කිරීමට නියමිතය.

ඊයේ (16) වන විට මේ වසරේදී වාර්තා වන ​ඩෙංගු මරණ සංඛ්‍යාව විසි දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago