අන්තර්ජාතික කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ ඊයේ නිකුත් වූ නවතම දර්ශකය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලොව පිතිකරණ ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියාය.
නිමාවට පත් වූ බංග්ලාදේශයට එරෙහි තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමඟ චමරී ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත් වූවාය.
වමතින් පන්දුවට පහරදෙන ආරම්භක පිතිකාරිණිය වූ චමරි අතපත්තු එම තරග තුනේදී ලකුණු 38ක්, 33ක් සහ 32ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ හෙයින් මේ උසස්වීම ලැබී තිබේ.
ඇය එක්දින ජාත්‍යන්තර තරගවල පිතිකරණය අනුව එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ලොව 7 වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටින අතර, හර්ෂිතා තරග තුනේදී ලකුණු 125ක් රැස්කරමින් 27 වැනි ස්ථානයට හා අවසන් තරගයේදී නොදැවී ලකුණු 63ක් රැස්කළ නිලක්ෂි 51 වැනි ස්ථානයට ද පත්ව සිටී.
බංග්ලාදේශයට එරෙහි තරගාවලියේදී කඩුලු 4ක් දවාගත් වමතින් පන්දු යවන ඉනෝකා රණවීර ස්ථාන 4කින් පෙරට පැමිණ 12 වැනි ස්ථානය දක්වා ද කඩුලු 5ක් දවාගත් සුගන්ධිකා කුමාරි ස්ථාන 9කින් ඉහළට පැමිණ 33 වැනි ස්ථානය දක්වා සහ කඩුලු 5ක් දවාගත් උදේශිකා ප්‍රබෝධිනී ස්ථාන 11කින් ඉහළට පැමිණ 38 වැනි ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණියහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…