ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (16) වාරණ නියෝගයක් ලබා ගත්තා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එලෙස වාරණ නියෝගයක් ලබාගන්නා අවස්ථාවේදීත් එම පුද්ගලයා සිංගප්පූරුව බලා පිටව ගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
එලෙස සිංගප්පූරුව බලා ගොස් සිටි ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් සහ සටහනක් තබා තිබෙනවා.
එහි ඔහු දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.
“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු වෙනුවෙන් සංචාරය කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණෙනවා” යනුවෙන් සඳහන් කර තිබෙනවා.
ආගමික සංහිඳියාවට හානි වන ලෙස සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයන් ආගමික නායකයින් සහ සමාජයේ දැඩි දෝෂාරෝපණයක් මොහුට එරෙහිව මේ වනවිට එල්ල වී තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…