ශ්‍රී ලංකා

ළමුන් පැහැරගැනීම් බියකට උතුර නොසන්සුන් – ජනතාව වෑන් රථයකට පහරදෙයි !

ළමුන් පැහැරගැනීමේ උත්සහයක කිසියම් පිරිසක් නිරත වෙන්නේ යැයි බියක් හේතුවෙන් මේ දිනවල උතුරේ ප්‍රදේශ කිහිපයක ජනතාව විසින් සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ සිදුවීම් කිහිපයක් වාර්ථා වී ඇතැයි පොලීසිය පවසයි.

කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ සැකකටයුතු වෑන් රථයක් නිරීක්ෂණය වූ ගම්වාසීන් පිරිසක් විසින් ඊයේ (16) දින සවස අදාල වෑන් රථය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව වෑන් රථයේ සිටි පුද්ගලියින් තිදෙනෙකු පහරකෑමට බියෙන් නිවසක කාමරයකට ඇතුල් වී ඇත.

පසුව ගම්වාසීන් විසින් ඔවුන් පැමිණි වෑන් රථයටද හානි කොට නිවසේ ජනෙල් කඩා අදාල සැකකරුවන්ටද පහරදී පොලීසියට භාරදී ඇති අතර ගම්වාසීන්ගෙන් පහරකෑමෙන් තුවාල ලැබූ එම සැකකරුවන් තිදෙනා කිලිනෝචිය රෝහලට ඇතුලත් කල බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

අදාල සැකකරුවන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් ළමුන් පැහැරගැනීමක් ගැන නොදන්නා බවටත් භාණ්ඩ අලෙවිය සඳහා පැමිණීමේදී ප්‍රදේශවාසීන් තමන්ට පහරදීමට පැමිණී හෙයින් බියට පත්වී නිවසකට ඇතුල් වූ බවටත් පසුව ප්‍රදේශවාසීණ් තමන්ට පහරදුන් බවටත්ය.

මේ අතර යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේදීද සැකකටයුතු පුද්ගලයෙකුට ළමුන් පැහැරගැනීමට උත්සහ ගත්තේයැයි සැකපිට ප්‍රදේශවාසීන් විසින් අදාල පුද්ගලයා අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ අදාල පුද්ගලයා වව්නියාව දිස්ත්‍රීක්කයේ පදිංචි වූ අයෙකු බවටත් ඔහු දින කිහිපයක් නොමැති බවට වව්නියාව පොලීසිය පැමිණිල්ලක්ද ගොනුකොට ඇති අතර අදාල පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බවටත්ය.

පවතින වාතාවරනය හමුවේ ළමුන් පැහැරගැනීමේ යන බිය හේතුවෙන් දෙමාපියන් මෙන්ම උතුරේ ජනතාව මේ වන විට කිසියම් නොසන්සුන්තාවයකින් සිටින අතරම සැකකටයුතු වාහන සහ පුද්ගලයින්ට පහරදීමටද වැඩි අවස්ථාවක් පවතින බවටත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago