වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන බව Google (Alphabet Inc) සමාගම පවසනවා.
පසුගිය 2022 දෙසැම්බර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින G Mail ගිණුම් මෙලෙස මකා දැමීමට Google සමාගම තීරණය කර තිබෙනවා.
ගිණුම් වෙත අනවසර ඇතුල්වීම වැළැක්වීම ඇතුළු ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙසින් සමාගම මෙම තීරණයට එළඹ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Google ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා කර හෝ පුරනය වී නොමැති නම් එම ගිණුම මෙලෙස ඉවත් කෙරෙනු ඇති අතර එහිදී Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube සහ Google ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ල ද මැකී යනු ඇති.
මෙම ප්‍රතිපත්තිය පුද්ගලික Google ගිණුම් සඳහා පමණක් අදාල වන අතර පාසැල්, ව්‍යාපාර වැනි සංවිධානවලට එය අදාළ වන්නේ නැහැ.
මේ අනුව Google විසින් අදාළ ගිණුම් මකා දැමීමට පෙර ඊයේ (16) දින සිට එම ඊමේල් ලිපිනයන්ට සහ අක්‍රිය ගිණුම්වල ප්‍රතිසාධන ඊමේල් ලිපිනයන් (recovery mail) වෙත බහුවිධ දැනුම්දීම් (multiple notifications) සිදුකිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…