Meta විසින් WhatsApp වෙත නව විශේෂාංගයක් එක් කර තිබෙනවා. එමඟින් පරිශීලකයින්ට විශේෂිත Chat ලොක් කිරීමට ඉඩ සලසා තිබීම විශේෂත්වයක්.
මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි Meta සමාගම පවසන්නේ.
Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම සඳහන් කරන්නේ. මෙම නව විශේෂාංගය හරහා තම Chat රහසිගතව තබා ගැනීමට අවශ්‍ය පරිශීලකයන් සඳහා අමතර ආරක්ෂාවක් සපයනු ලබනවා.
මේ හේතුවෙන් යමෙකු ඔබගේ දුරකථනය අතට ගත්ත ද, ඔවුන්ට ඔබගේ අවසරයකින් තොරව ඔබගේ Lock කර තිබෙන Chat වෙත ප්‍රවේශ වීමට හා ඒවා දකින්නට නොලැබෙනු ඇති අතර, එය වට්ස්ඇප් මගින් ලබාදුන් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන සුවිශේෂී අංගයක් ලෙසයි බොහෝදෙනෙක් පවසන්නේ.
මේ පිලිබඳ Meta සමාගම නියෝජනය කරමින් මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කොට තිබුණා,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
තවම නැහැනේ ඒ option එක
කවදද එන්නේ ඒක