ශ්‍රී ලංකා

පෙම්වතුන්ගේ ආරක්ෂාවට පොලීසිය සීරුවෙන් !

රට පුරා වාර්තා වෙමින් පවතින විවිධ අපචාර සිද්ධීන් සැලකිල්ලට ගනිමින් කුරුණෑගල නගරයට පැමි⁣ණෙන ලාබාල පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන ඇත.

ලාබාල පාසල් සිසුන් සහ තරුණ තරුණියන්ට පසුගිය දිනවල දිවයින පුරා මුහුණ පෑමට සිදුවූ අතවර සිද්ධීන් මෙන්ම මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ජයලත් මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම පාසල් හෝ ටියුෂන් පන්ති යන බව පෙන්වමින් දෙමාපියන් රවටා පෙම් සුව විඳීම සඳහා කුරුණෑගල නගරයට පැමිණෙන පාසල් වයසේ පසුවන ලාබාල තරුණ තරුණියන්ට විවිධ ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු වන බවට මේවනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා කුරුණෑගල වැව රවුමේදී සහ ඇතුගලේදී ඔවුන්ට මෙවැනි හිංසාකාරි සිදුවීම් වලට මුහුණ දීමට සිදුව ඇතැයිද පැවසීය.

මෙම පිරිසෙන් බහුතරයක් කුරුණෑගල සිට බොහෝ දුර ප්‍රදේශ වල වෙසෙන සිසුන් බවද ඇතැම් සිසුවියන් හදිසියේම හඳුනාගෙන පෙම්සුව විඳීමට එන තම පෙම්වතාගේ නම හෝ ඔහු කවරෙක්දැයි පවා නොදන්නා තරමට රැවටිල්ලකට ලක්ව ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇතැම් සිසුවියන් විවාහක වැඩිහිටි පුද්ගලයන් සමඟ පවා ප්‍රේම සබඳතා පවත්වන බවද මෙවැනි පුද්ගලයන් අතින් මොවුන් අතවරයට ලක්ව ඇති අවස්ථා වාර්තා වී තිබෙන බවද පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුගල මතට පාගමනින් යාමේදී පෙම්වතුන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ අවස්ථාවන් පවා වාර්තා වී තිබෙන බව ද ප්‍රකාශ කළේය.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම කුරුණෑගලට පැමිණෙන ලාබාල වයසේ පසුවන පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගැනීමට පියවර ගෙන ඇති බවද ජයලත් මහතා කීය.

ඒ අනුව කුරුණෑගලට පැමිණෙන පාසල් වයසේ පසුවන පෙම්වතුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම තොරතුරු දෙමාපියන්ට දැනුම් දීමට මෙන්ම ඇතුගලට ගමන් කරන පෙම්වතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුර පොළක් පවා පිහිටුවීමට පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

ජනතාවට හිරිහැරයක් වන ආකාරයට කුරුණෑගල වැව රවුමේ සහ ඇතුගල මුදුනේ අශීලාචාර ලෙස හැසිරෙන පෙම්වතුන්ට එරෙහිව මින් ඉදිරියට පියවර ගන්නා බවද ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago