ශ්‍රී ලංකා

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරියට මියයන්න කලින් වැලිකඩ පොලිසිය තුළදී පහර දීලා !

ටෙලි නාට්‍යය නිශ්පාදිකාවක මෙන්ම එක්තරා වකවානුවක රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් කාන්තා චරිතයක් වූ සුධර්මා නෙත්තිකුමාර ගේ නිවසේ සේවයකළ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී මිය යෑමට පෙර, ඇය වැලිකඩ පොලිසිය තුළ දී පහර කෑමකට ඇතැයි හෙළි වී තිබේ.
මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය ආකාරය පිළිබඳ පැවති සැකය නිසා පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකක කළ විමර්ශනයේ දී සාක්ෂි සහිතව මෙම පහරදීමේ සිද්ධිය ඔප්පු වී ඇත.

සුධර්මා පැමිණිල්ල කළ පසු සාමාන්‍ය පැමිණිල්ලක් විෂයෙහි පොලිසිය කටයුතු කරන ආකාරය ඉක්මවා ගොස් දැඩි උනන්දු සහගතව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම අත්අඩංගුවට ගෙන ඇති ආකාරය ද නීත්‍යානුකූල නොවන බවත් විමර්ශන අංශ වෙත පෙනී ගොස් ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය

සුධර්මා නෙත්තිකුමාරගේ නිවස පිහිටා ඇත්තේ රාජගිරිය කුරේ මාවතේ රෝයල් ගාර්ඩන් පරිශ්‍රයේ ය. පසුගිය 11 වැනිදා සුධර්මා නෙත්තිකුමාර වැලිකඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ඇයගේ නිවසේ සිටි මෙහෙකාරිය ඇයගේ මුද්දක් සොරකම් කර ඇති බවය

මේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කර ඇත්තේ බදුල්ල දෙමෝදර නාවලවත්තේ පදිංචි ආර්. රාජ්කුමාර් නැමැති 42 හැවිරිදි කාන්තාවකි.

මෙම පැමිණිල්ල යොමුකරන විට මෙම කාන්තාව බොරැල්ල කොටාපාරේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිට ඇත.

සුධර්මා නේත්තිකුමාරගේ පැමිණිල්ල සිදුකර පැය කිපයක් ඇතුළත වෙනත් නිවසක වැඩකරමින් සිටි මෙම කාන්තාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

දැනට හෙලි වී ඇති පරිදි මෙම ප්‍රශ්න කිරීම් අතර මෙම කාන්තාවට පොලිසිය තුළ දී පහර දී ඇත. අනතුරුව ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වු බව කියමින් ඇයව රෝහල් ගත කර තිබේ. .

මේ තත්ත්වය තුළ පසුගිය 11 දා සවස 06ට පමණ කාන්තාව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගතකර පැයක් ඇතුළත කාන්තාව මියගොස් ඇත. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී මරණය සම්බන්ධව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේ දී වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඒ ගැන විමසූ පොලිසියේ ඉහළ නිලධාරීන්ද නොමග යවමින් තොරතුරු වසන් කර තිබුණු බව ද විමර්ශනයේ දී හෙළි වී තිබේ.

මේ කාන්තාව සේවයෙන් ඉවත් වී ඇත්තේ තමන්ට සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කිරීමට නොහැකි බවට ප්‍රකාශ කරමින් බව ද ඇයට මින් පෙර කිසිම අවස්ථාවක සොරකම් කිරීම පිළිබඳ චෝදනා ගොනු වී නොතිබුණ බවද වාර්තා වේ. ඇයගේ ඥාතීන් පවසන්නේ අයැගේ නහයෙන් කටින් ලේ වැගිරී තිබුණු බවත්, පාදයක් දැඩි ලෙස ඉදිමී තිබුණු බවත්ය.

ඔවුන් එකහෙළා පවසමින් ඇත්තේ මරණය සිදුවූයේ පොලිස් පහරදීමෙන් බවය.

Ceylon News Factory

Recent Posts

වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

මීමුරේ කරඹකැටිය ප්‍රදේශයේ අද සවස වෑන් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බව…

1 hour ago

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික…

2 hours ago

තලවතුගොඩ වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා සහ ව්‍යාපාරිකයා රිමාන්ඩ්!

තලවතුගොඩ ප්‍රදේශයේ සමාජ ශාලාවක් අසල අද (19) අලුයම සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…

7 hours ago

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව​ට ලාල් කාන්තගෙන් සහතිකයක්!

කෙතරම් විරෝධතා සහ බාධක පැමිණිය ද වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කරන බව කෘෂිකර්ම,…

7 hours ago

ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් (19) දින උදෑසන 10:00ට පමණ පුද්ගලයෙකු එම…

8 hours ago

සරුංගල් යවන්න එපා – කටුනායක ගුවන්තොටුපළෙන් ඉල්ලීමක්!

කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණ අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ ජනතාවගෙන්…

9 hours ago