කුරුණෑගල ප්‍රදේශයේ දී මහ මඟ අතරමං වී පාර ඇසූ දරුවෙක්ට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබේ.
පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවය.
දරුවා කිසිඳු ලෙසකින් ලිංගික අපයෝජනයකට ලක්වී නොමැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.
කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් පෙරේදා, එනම් 17 වනදා නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ තිබුණි.
පසුව එම දරුවා යළි බස් රථයකට ගොඩවී ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙනි. දරුවා වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් කොන්දොස්තර මහතා දරුවාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසය.
ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බව පොලීසිය පවසයි.
පසුව, එම ප්‍රදේශයේ මහ මඟ ගමන් කරමින් සිටි දරුවා එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් තිබේ.
එහිදී අලෙවියට තබා තිබූ යතුරුපැදි කිහිපයක් නෙත ගැටී, තමාට යතුරුපැදියක් මිලදී ගැනීමට අවැසි බව පවසමින් පස්වරු 5.30 ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබේ.
මෙම දර්ශනයේ දැක්වෙන පරිදි ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට උත්සාහ කර තිබුණි.
කෙසේවෙතත් මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීමෙනි.
පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් දරුවා පිටත්කර හැර තිබුණි. ඉන් අනතුරුව පස්වරු 6 ට පමණ නගරයට පැමිණි දරුවා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමාට ලිංගික අපයෝජනයට ලක් කළ බවය.
දරුවාගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝපවූ පිරිස් එම මුල්‍ය ආයතනයට ඊයේ කඩාවැදී තිබුණි. එහිදී ඇතිවී තිබුණේ දැඩි නොසන්සුන් තත්ත්වයකි.
කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රය තුළට පැමිණෙන අතර ඒ අනුව ඔවුන් විමර්ශන අරඹා තිබුණි.
අදාළ දරුවා සිය භාරයට ගන්නා පොලිස් නිලධාරීන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවාට කිසිඳු අයුරක ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…