ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමට අවසර දෙන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් ඊයේ (18) අවසර ඉල්ලීය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා මෙලෙස ඔහුගේ දේහය යළි ගොඩගැනීම අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයට දැනුම් දෙමින් එලෙස අවසර ඉල්ලිය.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යා මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා (සභාපති) රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. සී. ආර්. පෙරේරා, පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී. එච්. එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී. ආර්. රුවන්පුර යන මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල විනිසුරු සමන්විත විය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් ද එසේ නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැදුම්ලත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන්නයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඉදිරිපත්වූ නාමලේඛනයට අනුව පසුගිය පෙබරවාරි 17 වැනිදා මෙම පං පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරන ලදී.
එම වෛද්‍ය මණ්ඩලය විසින් කරන ලද මූලික විමර්ශන වලින් අනතුරුව දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ හේතුව නිර්ණය කරගැනීම සඳහා ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩ ගෙන පරීක්ෂණ කළ යුතුව ඇතැයි දැනුම් දෙමින් ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් ද කළේය.
විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද කැඳවා අදහස් විමසිය යුතු බව දැනුම් දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවීමට ද නියම කළාය.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…