ශ්‍රී ලංකා

2024 සිට O/L , A/L වෙනස් වෙයි !

එළැඹෙන 2024 වසරේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්වීමට හැකි වන ලෙස පාසල් අධ්‍යයන කටයුතු. ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසුවා.

ඒ තුළින් විභාග කාලසටහන යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළා.

අ.පො.ස සාමාන්‍ය පෙළ ඉහළින් සමත්, අඩු ආදායම්ලාභී ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල සිසු-සිසුවියන්ගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (18) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසුවා.

මේ අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේද සහභාගි වුණා.

විද්‍යාපීඨ ගුරුවරුන් 7,800කට එළැඹෙන ජුනි 15දා නව පත්වීම් ලබාදීමට සැලසුම් කොට ඇතැයි ඇමැතිවරයා පැවැසුවා.

එමඟින් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

විද්‍යාව, තාක්ෂණය හා භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්‍ෂේත්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්වවිද්‍යාලවලින් පිටවන වයස 35ට අඩු උපාධිධාරීන් ජාතික හා පළාත් මට්ටමින් පාසල් ගුරුවරු බඳවාගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවද හෙතෙම අවධාරණය කළා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙනවා.

ඉන්දියානුවන් නිදහසේ පියා ලෙස හදුන්වන මහත්මා ගාන්ධිතුමාගේ ගුණානුස්මරණය පිණිස “මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව” ලෙසින් මේ ශිෂ්‍යත්වය නම් කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago