ශ්‍රී ලංකා

ජලනි ප්‍රේමදාස චමුදිත ගෙන් රුපියල් බිලියනක වන්දියක් ඉල්ලයි !

YouTube වැඩසටහනක් හරහා තමා අපකීර්තියට ලක් කළා යැයි චෝදනා කරමින් විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස විසින් චමුදිත සමරවික්‍රමගෙන් රුපියල් බිලියනයක් ඉල්ලමින් එන්තරවාසියක් යොමු කර ඇත.

කීර්ති රත්නායක සමඟ ‘Truth With Chamuditha’ නැමැති YouTube නාලිකාවේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් වැරදි / අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ඇය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි සිය සේවාදායිකාව වෙනුවෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇත.

යූටියුබ් නාලිකාවේ ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ඇතුළත් වැරදි, අපහාසත්මක ප්‍රකාශ විකාශනය කිරීම නවතා ඇගෙන් පොදු සමාවක් ලබා ගත යුතු යැයි එහි සඳහන් ය.

එලෙසම ඊට අසමත් වන්නේ නම් දින 14ක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කොට ඊට අදාළ රිසිට් පත ලියාපදිංචි තැපෑලෙන්, විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් හරහා යොමු කරන ලෙස ද නීතිඥවරයා සිය එන්තරවාසියෙන් දැනුවත් කර තිබේ.

සිවිල් හා අපරාධ යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සේවාදායිකාව දැනුම් දී ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත

Ceylon News Factory

View Comments

  • අනේ පලයන් හු.... යන්න. මේයාගෙ මොකක්ද තියෙන ප්‍රතිරූපය ආරක්ෂා කොරන්න??

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago