බොරැල්ල – ලෙස්ලි රණගල මාවතේදී අද (මැයි 20) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන පසුව නිදහස ලැබූ පුද්ගලයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අද අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු තව ත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා තිබිණි.
සිද්ධියෙන් මිය ගොස් තිබුණේ, කැළණිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු පෞද්ගලික ආයතනවලට සේවකයින් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන අයෙකු බව සඳහන් වන අතර, ඔවුන්ට වැටුප් ලබා දීම සඳහා ලෙස්ලි රණගල මාවතේ පිහිටි සිය සහෝදරියකගේ නිවසකට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සිය දියණිය ත් සමග ඔහු පැමිණ ඇති අතර, ඇය මුදල් රැගෙන සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
කෙසේ වෙතත්, වෙඩි තැබීමට නිශ්චිත හේතුව හෝ එය කවුරුන් විසින් කරන ලද්දක් ද බව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.
2005 වසරේ මැයි මස 31 වන දා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට ලක්වූයේ නාරාහේන්පිට ප්‍රදේශයේදී ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…