පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
ඒ අනුව, මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම නව ප්‍රතිලාභය හිමිවිය යුතු බව අගමැතිවරයා යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දැනට වසරකට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් හිමිවුවද, වෛද්‍ය පහසුකම් සඳහා වර්තමානයේ අයකරන ගාස්තු සහ ඖෂධවල මිල ගණන් සලකා බලා දැනට පවතින රක්ෂණාවරණයේ සීමාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් එය මිලියනයක් දක්වා වැඩි කළ යුතු බවට අගමැතිවරයා ඉකුත් වසරේ (2022) නොවැම්බර් මස 21 වැනිදා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත. ඊට අනුමැතියද ලැබී තිබේ.
මෙලෙස රක්ෂණාවරණය ප්‍රමාණවත් නොවීම මත ඇතැම් අවස්ථාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ජනාධිපති අරමුදලින්ද වෛද්‍යාධාර සලසාදී තිබේ.
ඉකුත් වසරේ (2022) අගෝස්තු මස 20 වැනිදා සිට මේ වසරේ (2023) අප්‍රේල් මස 30 වැනිදා දක්වා වූ කාලසීමාව තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රක්ෂණ බිල්පත් 57ක් ලැබී ඇති අතර, ඒ සඳහා ගෙවීමට නියමිත මුදල රුපියල් අනූහත් ලක්ෂ හැත්තෑ පන්දහස් හාරසිය හැට එකකි. (9,775,461.64)
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…