සිංගප්පූරුවේදී මිය ගිය ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවා.
ඇගේ දේහය සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි අදාළ විමර්ශනය සිදුකරන බවයි එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා සඳහන් කරන්නේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ දංකොටුව – මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස් ගත වූ 41 හැවිරිදි විවාහක කාන්තාවක්.
ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඇය මහල් නිවසෙන් ඇඳ වැටෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර ඇති බවද වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…