විවෘත වෙළෙඳපොළේ රුපියල් 2940/- කට අලෙවි වන ගල් අරක්කු ලෙස හැඳින්වෙන අතිවිශේෂ වර්ගයේ මත්පැන් බෝතලයක අඩංගු මත්පැන්වල සැබෑ වටිනාකම රුපියල් 294/- ක් පමණක් බව සති අග දේශය පුවත්පත වාර්තා කරනවා.
එම රුපියල් 294/- ක මුදල ඉවත් කළ විට ඉතිරි අගය වන රුපියල් 2646/- මුදල රජය පනවා ඇති බදු සහ ව්‍යාපාරිකයාගේ ලාභය සඳහා වෙන්කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා එම පුවත්පතට පවසා තිබෙනවා.
සුරා බද්ද, වැට් බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ආදී බදු වර්ග රැසක් මත්පැන්වලින් අය කරන ප්‍රධාන බදු වර්ග අතර වනවා.
බදු නිසා මත්පැන් මිල ඉහළ ගොස් ඇති නිසා මත්පැන් අලෙවිය 40% කින් පමණ පහළ වැටී ඇති බව පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදකයන් අතර පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණා.
මෙම සාකච්ඡාවේදී මෙහිදී මත්පැන් බද්ද රුපියල් 2000/- කින් අඩු කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.
කෙසේ වුවද මත්පැන් මිල අඩු කිරීමට යන බවට මේ වනවිට රටපුරා රාවයක් පැවතීම හේතුවෙන් මේ දිනවල මත්පැන් අලෙවිය තවදුරටත් පහළ වැටී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් අනාවරණය කරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
good idea