අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අද (21) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුනා.
අද දහවල් එකට පමණ නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් විශේෂ රථ පෙරහැර කලපලුවාව ගෞතම තපෝවනේ සිට වැඩම කර විය කලපලුවාව, අඹගහ හන්දිය, බුත්ගමුව, රාජගිරිය හංදිය පසු කරමින් ගමන් ගත් පෙරහැර, දේවි බාලිකා හන්දිය ඔස්සේ, නෙළුම් පොකුණ මංසන්ධියට පැමිණ නිදහස් චතුරස්‍රය බලා ගමන් කරන ලදි.
රිය පෙරහර ගමන් කරන මාර්ගයේ සිට මහජනතාව නාහිමි දේහයට පුෂ්පෝපහාර දක්වනු ලැබු අතර. නිදහස් චතුරස්‍රයේ දක්වා දේහය වැඩම කරවීමේ දී ගුවනින් පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා.
කෙසේ නමුත් මහානායක හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවයේ මාධ්‍ය ආවරණය සහ සජීවී විකාශය මඟ හැරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිගේ අත්සනින් යුක්තව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට සහ බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත ලිපියක් යොමු කොට තිබුණා.
එහිදී අදාළ ජාතික මට්ටමේ ආදාහන පුජෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙනුවෙන් කැප කිරීමට සිදුවන සහ වියදම් වන මුදල සලකා බලා මේ පිළිබඳව දැනුවත් කරමින් අදාළ ලිපිය යොමු කොට තිබුණා.
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ නමකගේ ආදාහන පුජෝත්සවය සතු ජාතික වටිනාකම පිළිබඳව ද නොසලකා හරිමිනුයි අදාළ දැනුම් දීම සිදුකොට තිබුනේ.
මේ අතර ආදාහන පුජෝත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටිනු දක්නට ලැබුනා.
කෙසේ නමුත්, රුපවාහිනී සංස්ථාවේම අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත් වීම මත අදාළ සජීව විකාශය සහ ප්‍රචාරණ කටයුත්ත ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව විසින් බාරගෙන සිදු කොට තිබුණා. අදාළ සිදුවීම සම්බන්ධව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය සහ ප්‍රේක්ෂකයින් සිය පැසසුම ඒ වෙනුවෙන් යොමු කොට තිබුණා.
රුපවාහිනී සංස්ථාවේ සභාපතිගේ අත්සන සහිතව නිකුත් කරනු ලැබූ අදාළ ලිපිය පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
නාලිකාව බන්කොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
නාලිකාව බන්කොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
අවමංගල පෙරහැරවල් පෙන්විය යුතුද?