ශ්‍රී ලංකා

විශ්මා සඳමාලිගේ මරණය ගැන  සිදුකළ ප්‍රකාශයක් නිසා ජපාන විපක්ෂ මන්ත්‍රීවරියකට විනය පියවර !

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවෙන් ඉවත් කර තිබෙනවා.

ජපාන ඉහළ මන්ත්‍රී මණ්ඩල පූර්ණ සැසිවාරයක් අමතමින් මිසුහෝ උමේයිමුරා නම් මන්ත්‍රීවරිය 2021දී නගෝයා ආගමන කාර්යාංශ ගොඩනැගිල්ලකදී සඳමාලි මියගිය ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

2017දී ශිෂ්‍ය වීසා යටතේ ජපානයට යන විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම යටතේ 2020දී අත්අඩංගුවට ගෙන තිබුණු ජපානයේ නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ මාස ගණනාවක් රඳවා සිටින ඇය 2020 මාර්තු 06 වනදා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සිය ජීවිතයෙන් සමුගෙන තිබුණා.

එම සිද්ධියත් සමග සංක්‍රමණික නීති සංශෝධනය විය යුතු බවට මතයක් ද ජපානය තුළ සමාජගත වී තිබෙනවා.

පසුගිය 16 වනදා ජපානයේ විපක්ෂ මන්ත්‍රීවරියක් වන මිසුහෝ උමේයිමුරා සංක්‍රමණ පාලන සහ සරණාගතයින් පිළිගැනීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ කමිටු සාකච්ඡාවකදී පවසන්නේ විශ්මා සඳමාලි මියගොස් ඇත්තේ, කිසියම් කෙනෙකුගේ කීමක් මත ආහාර වර්ජනය කිරීමෙන් බවයි.

නිපෝන් ඉෂින් පක්ෂයේ මිසුහෝ උමේයිමුරා,

“ඇය ආහාර වර්ජනයක් නිසා මිය යන්න පුළුවන්, ආහාර වර්ජනයක් සහ ඇයගෙන් පෙන්නුම් කළ තත්ත්වය වෙනසක් වගේම සම්බන්ධතාවයක් පවතිනවා. ඒ දේ හරියටම දැනගන්න පුළුවන් ඊට මුහුණදුන් පුද්ගලයාගෙන්ම තමා.. නමුත් දැන් ඇය මියගොස් තිබෙනවා.”

මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ඇය නියෝජනය කරන නිපෝන් ඉෂින් පක්ෂයේ මහලේකම් ෆුමිටකේ ෆුජිටා මහතා පැවසුවේ.

මෙම ප්‍රකාශය මත පදනම්ව ඇය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් කර ඉදිරියේදී විනය පියවර ගන්නා බවයි එමෙන්ම ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්මාගේ පවුලේ ඥාතින් සහ සියලුදෙනාගෙන් සමාව ඉල්ලන බව ද නිපෝන් ඉෂින් පක්ෂයේ මහ ලේකම්වරයා පවසනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago