ශ්‍රී ලංකා

ශ්‍රී ලංකා රග්බි තහනම් කලේ ඇයි? – හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් කට අරී !

ලෝක රග්බි සංගමය විසින් ශ්‍රී ලංකාවට තහනම පනවනු ලැබුවේ, දේශපාලන අතපෙවීම් නිසා බව රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ලෝක රග්බි සංගමයෙන් ලැබුණු ලිපියේ පළමු වැනි වාක්‍යයෙන් සඳහන් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා රග්බි තහනම් කළ හේතුවෙන් එම දේශපාලන අතපෙවීම් නිසා මෙම තහනම සිදුකළ බවයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත් කළ ස්ථාවර කරන කමිටුව, ලෝක රග්බි සංගමය පිළිනොගන්නා බවත් නිලවරණයෙන් පත්වූ කමිටුවක් පමණක් ඔවුන් පිළිගන්නා බවත් දැනුම් දී තිබුණා.

එම ස්ථාවර කරන කමිටුව විසින් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා රග්බි තහනම් කළ සැනින් කාර්යාලය මුද්‍රා තැබීමයි.

ඊට අදාළ කිසිදු පරීක්ෂණයක් මේ වනතෙක් සිදු කර නොමැති අතර ඒ සඳහා අධිකරණ නියෝගයක් ද ලැබීමට නියමිත බවයි ඉල්ලියාස් මහතා පැවසුවේ.

ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව කඩා නොවැටුණත් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමට නොහැකි බවද රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා අවධාරණය කර සිටියා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago