සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය
වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ගේය.
ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක් කොළඹ උතුර කොළඹ මධ්‍යම හා කොළඹ දකුණු කොට්ඨාස වෙත මාරුකර යවා ඇත.
තවද වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක ගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඉකුත් එකොළොස් වැනි දින වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ස්වසන අපහසුතාවයකින් පෙලුනු බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර් රාජ් කුමාර් 42 තිදරු මව මියගොස් තිබිණි.
අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි
මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…