මෙරටට ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම සහ බෙදාහැරීමේ කටයුතු සඳහා (Sinopec) සිනොපෙක් සමාගම සමග වන ගිවිසුමට අද අත්සන් තබා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ මෙම ගිවිසුමට අත්සන් තැබුණු බවයි.
මෙරටට ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මීට පෙර සිනොපෙක් ලංකා සමාගම සමග සාකච්ඡා පැවැත්වුණා.
ඉන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කරනු ලැබුවා.
චීන සහ සිංගප්පූරු මව් සමාගමක් යටතේ ක්‍රියාත්මක වන සිනොපෙක් ලංකා සමාගම සමග අද ගිවිසුම අත්සන් තැබුණේ අදාළ කමිටුවේ නිර්දේශ මතයි.
ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛණිජ තෙල් නිශ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සහ චීනයේ සහ සිංගප්පූරුවේ එහි මව් සමාගම සමඟ සාකච්ඡා අවසන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…