ශ්‍රී ලංකා

සතියකට බාර් වසා දමයි !

රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ප්‍රකාශයට පත් කර ඇති සතිය තුළ එනම් එළඹෙන මැයි 31 සිට ජුනි 6 වැනිදා දක්වා කාලය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලු ම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් (බාර්) වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

මේ අතර පොසොන් පොහොය යෙදෙන ජුනි මස 03 වැනි දා දිවයින පුරා පිහිටි සියලුම මත්පැන් හල් සහ මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් සියලුම ස්ථාන වසා තබන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දිනයන්හි දී එම ස්ථාන වසා තැබීමට කටයුතු නොකරන හෝ බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago