ක්‍රිකට්

IPL මූලික වටය අවසන් – Playoffs කාලසටහන හා ප්‍රසාද ලකුණු සටහන මෙන්න !

2023 (IPL) ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ සියලු තරග මේ වන විට අවසන්ව තිබෙනවා.

ඒ, බැංගලූරුහී දී පැවැති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර තරගයත් සමගින්. එම තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ටයිටන්ස් පිල සමත් වූ අතර, ඒ අනුව බැංගලෝර් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

බැංගලෝර් පිලේ පරාජයත් සමග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද උදා වුණා.

තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් වන්නේ ගුජරාට් ටයිටන්ස්, චෙන්නායි සුපර් කිංග්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම්.ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් ටයිටන්ස් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, චෙන්නායි කණ්ඩායම දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

ඒ අනුව එළඹෙන 23 වැනිදා පැවැත්වෙන අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier 1) එම කණ්ඩායම් දෙක චෙන්නායි හී දී තරග වැදීමට නියමිතයි.ඉන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 28 වැනිදා අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත්තේ පිළිවෙලින් ලක්නව් හා මුම්බායි යන කණ්ඩායම්.

ඒ අනුව එම කණ්ඩායම් දෙක එළඹෙන 24 වැනිදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිත අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනවා.

Eliminator තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායමට එරෙහිව අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

අනතුරුව Qualifier 2 තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් ප්‍රසාද ලකුණු සටහන –

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago