නීත්‍යානුකූලව විවාහයෙන් වෙන් වී සිටි බිරිය වෙන අයෙකු විවාහ කරගැනීමට යාම බලා සිටීමට නොහැකිව ඇය පැහැරගෙන ගොස් ඇසිඩ් පොවා ඝාතනය කිරීමට තැත්කළ සැමියෙකුට වසර දහයකට අත් හිටවූ සිර දඬුවමක්, රුපියල් 15000ක දඩයක් හා රුපියල් ලක්ෂ 12ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය අද එනම් 24 වැනිදා නියෝග කෙරුණි. මෙලෙස දඩ, වන්දි හා සිර දඬුවම් නියම වූයේ අම්බලන්තොට පදිංචි 42 හැවිරිදි එක්දරු පියෙකුයි.
චූදිත පුද්ගලයා 2015.09.01 දින විවාහයෙන් දික්කසාද වී සිටි ගුරුවරියක වූ සිය බිරිය පා ගමනින් උදෑසන පාසලට යමින් සිටි අවස්ථාවේ කාර් රථයකින් පැමිණ අම්බලන්තොට නෝනගමදී පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. බිරිය වෙනත් අයෙකු හා විවාහ වීමට සූදානම් වීම හේතුවෙන් තමන්ට එය බලාගෙන සිටීමට නොහැකිව ඇසිඩ් බෝතලයක් එළියට ගෙන දික්කසාද වී සිටි බිරියට බලහත්කාරයෙන් පොවා තිබේ.
එහිදී දෙදෙනා අතර වූ පොර බැදීමේදී චූදිතගේ සිරුර මතටද ඇසිඩ් වැටීමෙන් අසාධ්‍යව ඇඹිලිපිටිය ප්‍රදේශයේ මාර්ගය අසල රැඳී සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථයක පිරිසක් විසින් චූදිත හා බිරිය ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. චූදිත බිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රෝහල් පොලීසිය මඟින් අම්බලන්තොට පොලීසියට සිදුකළ දැනුම්දීම මත සිදුකළ දැනුම්දීම මත සිදුකළ විමර්ශන වලට අනුව දික්කසාද වී සිටි සැමියා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව අධි චෝදනා දෙකක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
ඒ අනුව නඩු විභාගය ආරම්භයේදීම අධිකරණ කාලය මිඩංගු නොකර අදාළ චෝදනා සඳහා චූදිත වරද පිළිගැනීම හේතුවෙන් මහාධිකරණ විනිසුරුවරයා චූදිතට දඬුවම් නියම කෙරුණි.
ඒ අනුව චෝදනා දෙක සඳහා චූදිතට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 10 ක කාලයක් සඳහා අත් හිටවන ලදී.
ඊට අමතරව චෝදනා දෙක සඳහා රුපියල් 15000 ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර චූදිත දඩ නොගෙවන්නේ නම් මාස 17ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම අගතියට පත් හිටපු බිරියට රුපියල් ලක්ෂ 12ක වන්දි මුදලක්ද ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා චූදිතට නියම කළ අතර චූදිත එය නොගෙවන්නේ නම් ඉහත දඬුවම ඉහත දඬුවම් වලට අමතරව වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…