ශ්‍රී ලංකා

පොලිස් අත්අඩංගුවේ සිටි තවත් කාන්තාවක් මිය යයි!

පොලිස් අත්අඩංගුවේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් හදිසියේ මියගිය පුවතක් පානදුරෙන් වාර්තා වෙයි.

අද (24) සවස 6:30 ට පමණ පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකු පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන් වේ.

පානදුර, දිග්ගල දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසියෙන් එම නිවස පරීක්ෂා කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ නිවසේ සිටි වයස අවුරුදු 51ක කාන්තාවක් රැගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ නිවස ආසන්නේ පදිංචිව සිටින එම කාන්තාවගේ සොහොයුරා පැවසුවේ, ඇය රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඇයව රැගෙන නොයන ලෙස තමා ඉල්ලීමක් කළ බවය.

කෙසේවෙතත් පානදුර උතුර පොලීසියේ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු එම කාන්තාව පොලිස් කාන්තාවක් නොමැතිව ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන ගොස් ඇත.

වැඩිදුරටත් වාර්තා වුයේ අදාළ කාන්තාවට ත්‍රීරෝද රථය තුළදී අසනීප තත්ත්වය උත්සන්න වී ඇති බවය.

එහෙත් ඇයගේ අසනීප තත්ත්වය නොසලකා පොලිස් නිලධාරීන් ඇයව පොලීසිය ආසන්නයටම රැගෙන ගොස් ඇති බවද වාර්තා විය.

ඉන් අනතුරුව එම කාන්තාවගේ ඥාති පුත්‍රයින් දෙදෙනෙකු පොලීසියේ ත්‍රීරෝද රථය පිටුපස පැමිණ ඇති අතර පොලීසිය අසලදී පොලිස් නිලධාරීන් ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයව රෝහලට රැගෙන යන ලෙසය.

ඒ අනුව ඥාති පුත්‍රයින් දෙදෙනා ඇයව තවත් ත්‍රීරෝද රථයක නංවාගෙන පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

කෙසේවෙතත් ඇයව රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි බව රෝහලෙන් දැනුම්දුන් බව ඔවුන් පවසයි.මෙසේ මියගොස් ඇත්තේ නයනා රෝෂනී නමැති වයස අවුරුදු 51 වන විවාහක කාන්තාවකි.

මේ අතර වැලිකඩ පොලීසියේදී ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියයෑමේ සිද්ධිය මීට පෙර වාර්තා වී තිබුණි.එම සිද්ධිය සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මකය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago