කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ හවුවීම් ශාලාවේ පුටුවක් බෙදා ගැනීමට නොහැකිව නීතීඥවරයකුට තවත් නීතිඥවරයකු විසින් පහර දී බැණ තර්ජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පහර කෑමට ලක් වූ නීතිඥවරයා රෝහලේ නතරවන බව පවසමින් අධිකරණ පෝරමයක් ද රැගෙන පිටව ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ නීතිඥවරයා පුටුවක වාඩි වී සිටිය දී පහරදුන් බව කියන නීතිඥවරයා හා තවත් දෙදෙනෙකු පැමිණ ඔහුගේ ඇගේ හැප්පී තිබෙනවා.
ඒ අවස්ථාවේ දී අදාළ නීතිඥවරයා ”ඇයි අයියේ අවුලක්ද ?” ලෙස අසා තිබෙන අතර පහරදුන් බව කියන නීතිඥවරයා ”උබ මොකද මෙතන වාඩිවෙලා ඉන්නේ නැගිටලා පලයන් ” ලෙස පවසමින් කම්මුලට පහරක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ අධිකරණ කටයුතු සඳහා බොහෝ පිරිසක් එම ස්ථානයේ සිටි බවයි සඳහන් වන්නෙ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…