බෝම්බ තර්ජනයක් පිළිබදව ලැබුණු තොරතුරක් මත වවුනියාවේ රම්බෙයිකුලම් බාලිකා විද්‍යාලයට ඊයේ (25) සවස සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දි ඇතී අතර දැරියන්ගේ දෙමව්පියන් දැඩි භීතියකට පත්ව සිටිති.
තමන් පොලිසියෙන් ලෙස හඳුන්වා දුන් පුද්ගලයින් දෙදෙනෙක් මෙම බාලිකා විදුහලට පැමිණ ප්‍රධාන ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියාට පවසා ඇත්තේ පාසලේ සිසුවියන් ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සදහා බෝම්බ කරුවන් දෙදෙනෙකු පාසල අසල ගැවසෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් දෙදෙනා මෙම පණිවුඩය ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පවසා පාසලෙන් බැහැරව ගොස් තිබේ.
ආරක්ෂක නිලධාරියා වහාම විදුහල්පතිනිය හමු වී මේ පුවත ප්‍රකාශ කිරීමත් සමගම පාසල තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන් පාසලට පැමිණ ඔවුන්ගේ දරුවන් නිවෙස් වලට රැගෙන යාම සඳහා ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ පාසලට ආරක්ෂාව ලබා දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…