සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් සහ Standup Comedy වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙස ප්‍රචලිත නතාෂා එදිරිසූරිය මිට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ බවට දක්වමින් කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද සවස පැමිණිල්ලක් ඉදිරිපත් වුනා.
අල්ලසයට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, බිෂොප් විද්‍යාලයේ ශ්රවණාගාරයෙහි පසුගියදා පැවති “මෝඩාභිමානය” නම් Standup Comedy වැඩසටහනේදී අදාළ ප්‍රකාශය සිදුකල බවට පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.
මේ අතර නතාෂා එදිරිසූරියට එරෙහිව තවත් පැමිණිල්ලක් පොලිස් මූලස්ථානයටද ඉදිරිපත් කර තිබු අතර පූජ්‍ය බලංගොඩ කාශ්‍යප ස්වාමීන්වහන්ස එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
කෙසේ නමුත් ඉකුත් දා ඇය විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය නාලිකාවක දී අදාල ප්‍රකාශය හේතුවෙන් කිසියම් පාර්ශවයකට අගතියක් වී ඇත් නම් ඒ වෙනුවෙන් සමාව අයැද සිටීමට ද කටයුතු කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
එදිරිසූරිය කියන වාසගම තියෙන පොලිස් නිලධාරීයෙක් ඉන්නව ඒ මිනිහත් මේ වගේම පහත් වැඩ කරන්නෙ
මේ වාසගම තියෙන අය ගැන සොයා බලන්න