ශ්‍රී ලංකා

සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ මෙහෙකාරිය අත්අඩංගුවේදී මියයෑමේ සිදුවීමට වැලිකඩ පොලිසියේ OICට මාරුවක් !

කොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවසේ මෙහෙකාරියක වූ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය ආර්.රාජකුමාරිගේ මරණය සම්බන්ධයෙන් එම සිදුවීමට අදාළ වැලිකඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අද (27) මාරු කර යවා තිබේ.

පොලිස් නිලධාරීන්ගේ අතින් යම් රාජකාරී අතපසුවීමක් හෝ සිතා මතා යම් වරදක් සිදුවී ඇති දැයි අනාවරණය කර ගැනීම සඳහා අදාළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව අදාළ විමර්ශනයේ නිර්දේශ මත පදනම්ව පොලිස්පතිවරයා විසින් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියෝග කර තිබේ. ඒ, රාජකුමාරිගේ විමර්ශනයට සම්බන්ධ උප පොලිස්පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරු දෙදෙනෙක් හා පොලිස් කොස්තාපල්වරයෙකුගේය.

මීට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙක්, කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ පොලිස් කොට්ඨාස තුනට ස්ථාන මාරු කර යවා තිබේ.

අදාළ හොරකම සහ කාන්තාවගේ මිය යෑම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර එම විමර්ශන මේවන විට ක්‍රියාත්මකය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago