ශ්‍රී ලංකා

හම සුදුවෙන්න පිළිකා එන්නත් විකිණු අයෙක් අත්අඩංගුවට !

පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධයන් සමනය කිරීමට සඳහා ලබා දෙන බ්ලුටතයෝන් එන්නත් සම සුදුකිරීම සඳහා අලෙවි කළ පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ජාතික නියාමන අධිකාරියේ ඖෂධ හා ආහාර පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මෙම පුද්ගලයා ළඟ තිබී රුපියල් මිලියන 5ට අධික වටිනාකමින් යුතු එන්නත් තොගයක් අත්අඩංගුවට ගත් බව ඖෂධ හා ආහාර පරීක්ෂක අමිත පෙරේරා සඳහන් කරයි.

මෙම එන්නත ලබා දෙන පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් කිසිදු පුහුණුවක් හෝ දැනුමක් නොමැති බවත් ඔහු සිය දැනුම ලබාගෙන ඇත්තේ YouTube හරහා බවත් ඖෂධ පරීක්ෂකවරුන් කරන ලද පරික්ෂා කිරිම්වලදී හෙළි විය.

කෙසේ නමුත් ඔහු යටතේ සේවය කරන හෙදියක් යැයි සඳහන් කාන්තාවක් විසින් එන්නත ලබා දීමට රුපියල් 2500ක මුදලක් අයකරන බවටද හෙළි විය. මොහු මෙම එන්නත් 10යේ පෙට්ටිය රුපියල් 75000කට අලෙවි කරන බවද ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය විනැයි පරීක්ෂකවරයා පැවසුවේය.

මෙම එන්නත් තායිලන්තයේ සමාගමකින් මෙරටට ගෙන්වා ගන්නා බවද එම පුද්ගලයා පැවසුවේ යැයි ඖෂධ පරික්ෂකවරයා තවදුරටත් පවසා තිබේ. මෙම එන්තත් තොගය අත්අඩංගුවට ගත් අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.

මෙම එන්නත සම්බන්ධයෙන් චර්ම රෝග විශේෂඥවරුන් සඳහන් කරනුයේ සම සුදුවීම සඳහා ලෝකයේ කිසිදු රටක මෙම එන්නත භාවිත කරන බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago