හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරෙක් වූ කපිල ගාමිණී සිරිසේන සතු ව තිබූ මැණික් ගලක් එබ්බවූ රුපියල් කෝටියක් වටිනා මුද්දක්, ඩොලර් පන්දහසක් සහ රුපියල් ලක්ෂයක මුදලක් සිය නිවසේ වැඩ කළ සේවකයෙක් විසින් සොරාගෙන පලා ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
දින කීපයකට පෙර සිදුවූ බව කියන මෙම සොරකම සම්බන්ධව කපිල ගාමිණී සිරිසේන ඊයේ (28) පොලොන්නරුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබේ.
ඔහු පොලිසියට පැමිණිලි කර ඇත්තේ තමන් ලඟ සේවය කරමින් සිටි බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේ සේවකයෙක් මෙම සොරකම සිදුකර ඇති බවය.
කපිල ගාමිණී සිරිසේන යනු චමින්ද නමින් ප්‍රකට මහා පරිමාණ ගල් කොරි කීපයක් හිමි ව්‍යාපාරිකයෙකි. සුගලා බිසවගේ රාජධානියේ කොටසක් ලෙස තිබූ පුරාණ නටබුන් සහිත ඓතිහාසික පලුදෙනිය මහා ගල් පවුව විනාශ කළ ගල් කොරි ව්‍යාපාරිකයන් කීප දෙනා අසල චමින්ද ද සිටි බවට එකල චෝදනා එල්ල විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…