කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, අදාළ සංශෝධන ඇතුළත් කෙටුම්පත නිර්මාණය කිරීම සඳහා වෘත්තීය සමිතිවල සහභාගීත්වය ඉතා වැදගත් බවය.
එහිදී අදහස් දැක්වු ඔහු,
අපේ රටේ කම්කරු නීතිය පරණයි. කම්කරු නීතිය අලුත් කරන්නට ඕනේ. සුළු සුළු ආකාරයේ වෙනස්කම් සංශෝධනය කළාට රට ලෝකෙට අරගෙන යන්න ඕනේ කියන කාරණේ දිහා බලලා නීතිය අලුත් කරන්න සමස්ත ආකාරයේ සංශෝධනයක් කරන්න කම්කරු නීතියට අනුව කරන්න කටයුතු කරලා නෑ. දැන් අපේ රටේ රාජ්‍ය අංශට එක නීතියක් තියෙනවා පෞද්ගලික අංශයට එක නීතියක් තියෙනවා. මේවා වෙනස් වෙන්නට ඕනේ. මේවා සාමාන්‍යයෙන් කරන්නේ රටේ ආදාළ පාර්ශව එකඟ කරගෙන. සාකච්ඡා ඇතුළේ තමයි මේ නීති සංශෝධනය කරන්න ඕනේ. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ කම්කරු අමාත්‍යාංශය විදියට හදන්න කෙටුම්පතක්. ඒ කෙටුම්පත අපිට දෙන්න ඊට පස්සේ අපි අපේ යෝජනා දෙන්නම්. කොටුම්පත හදන්නත් වෘත්තීය සමිත එකතු වෙන්න ඕනේ. ආරම්භයේ සිටම එකතුවෙන්න පුළුවන් නේ. ඒ නිසා හදන වේලාවේ ඉඳලම මැදිහත් වෙන එක අතිශය වැදගත් කාරණයක්”බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…