ග්‍රාම නිලධාරී වසම් 3,000ක පමණ ප්‍රමාණයක පුරප්පාඩු පවතින බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
එහි සභාපති කමල් කිත්සිරි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉතා දුෂ්කර වී ඇති බවය.
ගොඩක් රාජකාරි මේ වෙලාවේ තියෙනවා. ඒවා එක්ක කාලසටහන් දීලා තියෙනවා. කෙටි කාලයක් තුළ මේක ඉවර කරන්න තියෙනවා. ඒකත් එක්ක බහුතරයක් ග්‍රාම නිලධාරිවරු තමන්ගේ වසම්වල නිවෙස්වලට යනවා. දීමනාවක් දෙනවා. ඒ දීමනාව ගැන කතාකරන්න ගියොත් කතාකරලා වැඩක් නෑ. ඇත්තටම බොහෝම සොච්චම් දීමනාවක් දෙන්නේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක දීමනා ගැන කතා කිරීමෙන් අපි වළකිනවා. දීමනාව ප්‍රමාණවත් නෑ කියලා පැහැදිලිව කියනවා. නමුත් අපි නිශ්චිත කාලසටහනක් ඇතුළේ අනිවාර්යයෙන්ම අපේ ඡන්ද ප්‍රතිශෝධන ක්‍රියාවලිය කරලා භාරදෙනවා. ඒ වගේම ග්‍රාමධාරී වසම් 3,000ක පමණ පුරප්පාඩු තියෙනවා. ඒ නිසා තමා වැඩකරන වසමේ නාමලේඛනය මුලින්ම දෙනවා. ඊට පස්සේ තමා වැඩබලන එකට දින දෙන්නේ.
ඡන්ද හිමියන් ලියාපදිංචියේදී යම්කිසි ගැටලුවක් ඇතිවුවහොත් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය වෙත දැනුම්දෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…