ශ්‍රී ලංකා

ජුනි 19 සිට සති දෙකකට බාර් වැසේ !

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් එළඹෙන ජුනි 19 වැනි දා සිට ජුලි 04 වැනි දා දක්වා කාලය අතරතුර කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලු ම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඇසල උත්සවය පැවැත්වෙන කාලය තුළ ඇසල උත්සව භුමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පවසන සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, ඌව පළාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කණ්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අතර කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශවල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදියේ 1913 යන දුරකථනය අංකය පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘත කර තබන බවත් එම දෙපාර්ත්මේන්තුව පවසනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago