මස්, මාළු, බිත්තර මිල ගණන් පාලනයෙන් ගිලිහෙයි – නවතම මිල ගණන් මෙන්න !

වෙළඳපොළේ කුකුළු මස්, මාළු සහ බිත්තර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගිකයන් පවසයි.

ඒ අනුව රුපියල් 1,000 ත් 1,100 ත් අතර මිළකට පැවති කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,500 ත් 1,600 ත් අතර මිළකට එක්වරම වැඩිවී තිබේ.

මෙයට සමගාමීව වෙළඳපොළේ මාළු මිළ ගණන්ද ඉහළ අගයක් ගෙන ඇති අතර පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1,900 කටත්, පරා කිලෝව රුපියල් 1,700 කටත්, තලපත් කිලෝව රුපියල් 2,700 කටත්, සාලයා කිලෝව රුපියල් 400 කටත්, ලින්නා කිලෝව රුපියල් 1,500 කටත් අළෙවි වන බවයි වාර්තා වේ.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා කිලෝව රුපියල් 2,800ත් 3,200ත් අතර මිළකටත්, බලයා කිලෝව රුපියල් 2,000 කටත්, පරා කිලෝව රුපියල් 2,400 කටත්, තලපත් කිලෝව රුපියල් 3,200 ත් 3,800 කටත්, සාලයා කිලෝව රුපියල් 650 කටත්, හැඩැල්ලා කිලෝව රුපියල් 1,950 කටත් අලෙවි වන බවත් සඳහන්ය.

මේ අතර බිත්තර සඳහා රජය පාළන මිළක් පනවනු ලැබුවත් සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයත් තවදුරටත් රුපියල් 53 ත් 55 ත් අතර මිළකට අළෙවි වන බවත් පාරිභෝගිකයන් පවසනවා.

වගීෂා විතානගේ

View Comments

  • මීට වඩා අඩුවෙන් අපේ පැත්තේ තියෙනවා. ආවොත් ගන්න පුළුවන්.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago