ඔබ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක්ද ? – විදෙස් ගමන් බලපත්‍රය අලුත් කර ගැනීමේ නවතම ක්‍රමය මෙන්න !

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා ජූනි මස 01 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ තම ගමන් බලපත්‍රය අලුත් කර ගත හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පැමිණීමෙන් තොරව අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේය.

මේ අතර විද්‍යුත් ගමන් බලපත්‍ර හඳුන්වාදීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන ඔන්ලයින් වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද එහිද වෙන වෙනම සාකච්ඡා කර තිබේ.

විදේශිකයන්ට පහසුවෙන් වීසා ලබා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල දේශීය සහ විදේශිකයන් සඳහා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත

වගීෂා විතානගේ

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

41 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago