මත් කුඩු සමග අත්අඩංගුවට ගත් මහා අනුහස් සම්පන්න යැයි බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ බොරලස්ගමු සුප්‍රකට පිල්ලෑව දේවාලයේ ප්‍රධාන කපුවෙක් අද (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
ඊයේ (31) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරදී හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් සමග මෙසේ අත්අඩංගුවට පත්වන්නේ (37) වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා අත්අඩංගුවට තිබිණි.
කපුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලි ග්‍රෑම් 150ක් සන්තකයේ තබාගෙන සිටියදි ය.
වාර්තා වී ඇති මෙම කපුවා බැතිමතුන්ට යාතිකා කර ඇත්තේත් ඔවුන්ගේ පුජා විධි පවත්වා ඇත්තේත් පන්සල තුළදිම මත් කුඩු උරා හොඳ පදමට මත්වීමෙන් අනතුරුව බවය.
දේවකාරියේ යෙදී සිටින අතර ඔහු යතුරුපැදියෙන්ම ගොස් බැතිමතුන්ගෙන් ලැබෙන පඬුරුවලින් මේ ආකාරයෙන් මත්කුඩු මිලදී ගෙන පානය කර දේවකාරිය කරන බවත්, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…