ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බවද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉතාලි තානාපතිනිය වෙත යොමු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අවසරය හිමිවී තිබේ.
ඉතාලි තානාපතිවරිය සහ අධිකරණ ඇමැතිවරයා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාලි ජාතිකයන්ටද මෙරට කටයුතු කිරීමේදී ඉතාලි වලංගු රියැදුරු බලපත්‍ර භාවිත කිරීමට ශ්‍රී ලංකා රජයේ එකඟතාව ලබා දෙන ලෙසද තානාපතිවරිය, ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය සැලකිල්ලට ගෙන එම ඉල්ලීම කඩිනමින් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බව අධිකරණ ඇමැතිවරයා ඉතාලි තානාපතිවරියට එහිදී දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මේ සදහා කැපවීම කරපු මගේ ස්‍රී ලාංකික තානාතිපති තුමේනි සහ ඒ අදාල අංශයන්හි කටයුතු කරන සියලුම දෙනාට හද පිරි ස්තූතිය පුද කරමි..