ශ්‍රී ලංකා

පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්න, අධිකරණය CIDයට නියෝග කරයි !

ඉකුත් මස 11 වැනිදා පොලිස් අත්අඩංගුවේ දී මිය සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙයකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධයේ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස අද (02) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන ලබාදෙන ලෙස වැලිකඩ පොලිසියට දැන්වුවත් එම ඉල්ලීම් කළත් ඒවා මෙතෙක් ලබා දී නොමැති බව කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම දර්ශන ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසය.

මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයාගේ ඉල්ලීමට අනුව ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

එම විමර්ශනවල ප්‍රගතිය ලබන 21දා වාර්තා කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් වුණි.

සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දක් සොරකම් කළ බවට චෝදනා කර පසුගිය මස 11 වැනිදා මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ පැමිණිල්ලක් සටහනක් කිරීමකින් තොරව බව ද මූලික විමර්ශනවලින් හෙළි වී තිබිණි. කාන්තාව මිය ගිය පසු සුධර්මා නෙත්තිකුමාර අදාල පැමිණිල්ල සටහන් කර ඇති බව විමර්ශන අංශ කීවේය.

එමෙන්ම මෙම මෙහෙකාර කාන්තාවට පොලිස් අත්අඩංගුවේ දී දැඩි ලෙස පහර දී ඇති බවත් ඊට කාන්තා නිලධාරීන්ද එක් වී ඇති බවත් හෙළි වී ඇත.

Ceylon News Factory

Recent Posts

Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට!

හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…

44 minutes ago

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…

3 hours ago

පොල් හිඟයට ඇත්තම හේතුව මෙන්න !

රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…

7 hours ago

බේරේ වැවේ සතුන් මිය යන්නේ කුරුළු උණ නිසා ද?

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…

7 hours ago

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි !

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

7 hours ago

මන්නාරම සුළං බලාගාරය ගැන අදානි සමූහයෙන් නිවේදනයක් !

අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…

18 hours ago