වසය අවුරුදු 18 සම්පූර්ණ කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට බදු ගොනුවක් විවෘත කරන බවත්, එසේ වුව ද සියලු දෙනා බදු ගෙවීම අවශ්‍ය නැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
බදු ගොනු අංකය අනුව ඉදිරි සුබසාධක කටයුතු සිදුකරන බවත් ලබන 2024 ජනවාරි 01 වැනි දා සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
විවිධ වෘත්තීන් 14කට අයත් වෘත්තිකයන් ඊයේ (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද රජය විසින් නිකුත් කර තිබේ.
සේව්‍ය සේවක දෙපාර්ශවය ම එක්ව යම් පුද්ගලයකුට මාසිකව රුපියල් 20,000.00කට වැඩි දායකත්වයක් අර්ථ සාධකඅරමුදලට සපයන්නේ නම් ඔවුන් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිවීම අනිවාර්ය වෙයි.
දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති වෘත්තීන් සහ පුද්ගලයන් පහත දක්වා ඇත.
එම ගැසට් නිවේදනය අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් දේශීය අදායම් දෙපාර්තමේන්තුව ලියාපදිංචි වීම අනිවාර්ය වෙයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…