ආර්ථික

ෂෙඩ්වල තෙල් ගහන්න ‌වාහන පෝලිමේ – නැවතත් ඉන්ධන හිඟයක් ද? මෙන්න ඇත්ත කතාව

පිරවුම්හල්වල ඉන්ධන හිගවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල් අසල අද (2) පෙරවරුවේ පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති ආකාරයක්ද දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැනගත හැකි වූයේ ඉන්ධන මිල ගණන් පහළ යන බව ප්‍රචාරයවීම මත පිරවුම්හල් කරුවන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත හිගයක් නිර්මාණය වූ බවය.

කෙසේ වුවද බොහෝ ප්‍රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන අවසන් බවට දැන්විම් එල්ලා ඇති ආකාරයක් දැකගන්නට තිබුණි.

මේ අතර සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල (හෙට සහ අනිද්දා) ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට උපදෙස් ලබාදී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම උපදෙස් ලබාදී ඇති අතර, ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පසුගිය මාස 04 තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල අතිකාල වියදම් අඩු කිරීම සඳහා ක්‍රියාත්මක වූයේ නැහැ.

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධන සහ කෝටා වැඩිකිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම හේතුවෙන් මේ වනවිට ඇතැම් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව හිඟයක් නිර්මාණය වී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්වීටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago