කොරමැන්ඩල් එක්ස්ප්‍රස් සහ හවුරා සුපර් ෆාස්ට් එක්ස්ප්‍රස් ගැටීමෙන් සිදුවූ මරණ 300 ඉක්මවයි – 900කට තුවාල !

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 300 ඉක්මවා ගොස් තිබේ. එම අනතුරින් පුද්ගලයින් 900කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරට පත් වූවන් මුදාගැනීම සඳහා බාසෝර් දිස්ත්‍රික්කයේ ගිලන් රථ 200කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවය.

ඊයේ රාත්‍රී 7.00 පමණ ෂලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය වෙමින් තිබූ කොරමැන්ඩල් එක්ස්ප්‍රස් දුම්රිය පිළී පැනීමකට ලක්ව එහි මැදිරි කිහිපයක් ප්‍රතිවිරුද්ධ දිශාවේ දුම්රිය මාර්ගයට වැටී ඇති බව සඳහන්ය.

අනතුරුව එම මාර්ගයේ යෙස්වාන්පූර් සිට හොව්රා වෙත ධාවනය වෙමින් තිබූ සුපර් ෆාර්ස්ට් එක්ස්ප්‍රස් දුම්රිය ඒ මාර්ගයට වැටී තිබූ දුම්රිය මැඳිරිවල ගැටී අනතුරට ලක්ව ඇති අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්ද පසුව එම දුමිරියේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින්ට ප්‍රතිකාරකිරීම සඳහා වෛද්‍යවරුන් 100කින් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් කැඳවා තිබේ.

මේ අතර අනතුරෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක් සහ සුලු තුවාල ලැබූ පුද්ගලයෙකුට රුපියල් 50,000ක වන්දි මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago