ලොවම කම්පා කරවූ ඔඩිෂා දුම්රිය අනතුරට හේතුව මේ වනවිට විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා උපුටා දක්වමින් අදාළ වාර්තා පෙන්වා දෙන්නේ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවය.
එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවය.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුරින් මියගිය සංඛ්‍යාව මේ වනවිට 288ක් දක්වා ඉහළගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම දුම්රිය අනතුර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000ඉක්මවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…