මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසනවා.
වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් අතර දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දෙමව්පියන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
එසේම මේ දිනවල සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ළමා හතිය, මෙන්ම ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයන් දරුවන් අතර වැඩි වූ බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.පවතින පරිසරයේ උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන් ඇතිවන විජලන තත්ත්වය නිසා දරුවන් අතර සමේ රෝග තත්ත්වයක්ද ව්‍යාප්ත වන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
ස්වසන අපහසුතා නොමැති නම් දරුවන් ජලයේ තැබීමට බිය විය යුතු නොමැති බවට වෛද්‍යවරයා කියා සිටියේය.
දරුවන් වතුරේ තැබීමට, ඔවුන් සේදීමට බිය නොවන ලෙසත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව තිබෙන බැවින් දරුවන් සම්පූර්ණයෙන්ම ජලයෙන් ඈත් නෙකර ඊට අදාළ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් දරුවන් ජලයෙන් ඈත් නොකරන ලෙසත් වෛද්‍යවරයා දෙමව්පියන් වෙත පණිවිඩයක් තබමින් කියා සිටියේය.
සමේ රෝගවලින් වළක්වා ගැනීමට දරුවන් උදේ සහ සවස දිනකට දෙවතාවක් විනාඩි 20 බැගින් ජලයේ තැබීම සුදුසු බවද වෛද්‍යවරයා පවසා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…