ශ්‍රී ලංකා

පුජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමිගෙන් විශේෂ ප්‍රකාශයක් !

තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පුජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මින් ඉදිරියට එවන් වැරදි අතපසුවීමේ සිදුවීම් නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා පියවර ගතයුතු බවය.

මෙරට දේශන කිහිපයකට පැමිණි ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික දේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි දිවයිනෙන් පිටව යාමේදී කටුනායක ගුවන් තොටුපළේදී පැය 12කට ආසන්න කාලයක් රැඳීසිටීමට සිදුවූ පුවතක් පසුගියදා වාර්තා වුණි.

එම පුවත සැලවීමත් සමග ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට වගකිවයුතු නිළධාරීන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් වරාය නාවික ගුවන් සේවා අමාත්‍යංශයට දැනුම් දී තිබුණි.

අදාළ පුවත සම්බන්ධයෙන් පසුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති දේශනයකදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි අදහස් පළකර තිබේ.

උන්වහන්සේ එහිදී පෙන්වා දී ඇත්තේ තමාට කටුනායක ගුවන් තොටුපළේදී මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත බව දැනගන්න ලැබුණු බවත් මෙම සුළු සිදුවීම පිළිබද පරීක්ෂණයක් කිරීම වෙනුවට සිදුකළ යුත්තේ මෙලෙස අත්වැරදීම් සිදු කිරීම මග හරවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම බවත්ය.

අදාළ දින සිදුවූ සිද්ධිය පිළිබදව ද පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමි එම දේශනයේදී පැහැදිලි කළ අතර ප්‍රභූ මගී පර්යන්තය තුළදී තමන් මුහුණ දුන් අත්දැකීම් ද උන්වහන්සේ එහිදී පැහැදිලි කර තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago